මහනුවර අකුරණින් වාර්තා වූ කොරෝනා ආසාධිතයා ගුවන් තොටුපොළ සිට සිය නිවෙස බලා පැමිණි වෑන් රිය ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තිබී සොයාගෙන ගම්පොළ පොලීසියේ බුද්ධි අංශ විසින් සොයා ගෙන තිබේ.
පසුව රථය විශබීජහරණය නොකළයැයි කෝපයට පත් ප්‍රදේශවාසීන් (31)වන දා රාත්‍රියේ වෑන් රියට ගිනි තබා ඇතැයි වාර්තා වේ.
මෙම වෑන් රථයේ හිමිකරු ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු සිය වෑන් රිය ගුවන්තොටුපළ සිට කුලී රථ සේවා සපයන මීගමුව් ප්‍රදේශයේ ආයතනයකට ලබා දී තිබේ.
ඉන්දියාවේ සිට පැමිණි අකුරණ රෝගියා නිවෙස වෙත පැමිණීමට භාවිත කර ඇත්තේ මෙම රථයයි.
කෙසේවෙතත් කොරෝනා රෝගියා වාර්තා වීමෙන් පසු වාහනයේ අයිතිකරු හෝ රියදුරු ඒ පිළිබඳ තොරතුරු සඟවමින් වෑන් රිය සඟවා තැබීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...