ප‍්‍රධාන පුවත්

පිලිපීනය  COVID-19 වෛරස් වසංගතය මැඩපැවැත්වීමට ගෙන ඇති නිරෝධායන වැඩපිළිවෙල කඩාකප්පල් කරන ඕනෑම අයෙකු මරණයෙන් අවසාන කරන බව  පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ මහතා පවසා සිටී.ඒ අනුව ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙන නිරෝධායන නීති කඩකරන්නන්ට වෙඩි තබන ලෙස එරට ආරක්ෂක අංශ වලට ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ මහතා අණකර සිටී. ඊයේ(01 ) එරට රාජ්‍යය රූපවාහිනිය හදිසියේ විකාශනය කළ වැඩසටහනකට සහභාගි වෙමින් රොඩ්‍රිගෝ ඩුටර්ටේ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය. පිලිපීනයට අයත් විශාලතම මෙන්ම වැඩිම ජනගහනයක් ජීවත් වන  දූපත වන ලුසෝන් දූපත COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පසුගිය මාසයේදී සම්පූර්ණයෙන්ම වසා දැමුනි.

“මම කිසිම දෙගිඩියාවකට පත්වන්නේ නැහැ. අර්බූද තත්වයන් පැන නැගුන හොත් හෝ ගැටලු සහගත තත්වයන් පැන නැගුනහොත් පොලීසියට සහ හමුදාවට බලය පාවිච්චි කිරීමට ඉඩ දී තිබෙනවා. ගැටලු නිර්මාණය කරන අයගේ ජීවිත අනතුර ළඟා කර ගන්නවා.” යනුවෙන් ජනාධිපතිවරයා රූපවාහිනියට ප්‍රකාශ කර සිටියේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ දූපත සියලු කටයුතු නවතා දැමීමට නියෝග කිරීමෙන් පසුව ඇඳිරි නීති බලපත් නොමැතිව විරෝධාතාවයේ යෙදුනු 21 දෙනෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසුව වීමද විශේෂත්වයකි.  එහෙත් , අඩු ආදායම්ලාභී  කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන් වන එම 21 දෙනා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිලිපීන කම්කරු සහයෝගිතාවය තම බලවත් නොසතුට ප්‍රකාශකර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ආධාර උපකාර අවශ්‍යය පිරිස් සන්සුන්ව සිටිය යුතු බවයි. “ඔබට අවශ්‍යය කෑම බීම ඔබ වෙත රැගෙන එන තෙක් සන්සුන්ව සිටින්න. අවශ්‍යය දේ ඔබ වෙත ලැබීමට යම් ප්‍රමාදයක් සිදු වුවත් ඔබ කුසගින්නේ මිය යන්නට ඉඩ සලස්වන්නේ නැති බව පමණක් සිහියට ගන්න.” යනුවෙන් අවධාරණය කළේය.

ලුසෝන් දූපතේ මිලියන 57ක ජනතාවක් ජීවත් වන අතර ආහාර,ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍යය දෑ සපයා ගැනීමට හැර නිවෙස් වලින් බැහැර වීම තහනම් කර ඇත.

පිලිපීනය තුළ COVID-19 වෛරසය ආසාදිත වූවන් 2300ක් සොයා ගෙන ඇති අතර මෙතෙක් වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 96ක් වාර්තාවී ඇත.කෙසේ වෙතත් ලෝක සෞඛ්‍යය සංවිධානය පවසා සිටින්නේ පිලිපීනය ආසාදිතයන් සොයා යාමේ ක්‍රමවේදය තුළ තිබෙන දුර්වලතා නිසා එරටින් හමුවන රෝගීන් සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගත හැකි බවයි.නමුත් පිලිපීනය පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ පිලිපීනය තුළ වෛරසය ආසදිත වූවන් සෙවීමේ කටයුතු මීට වඩා සූක්ෂම සහ කාර්යක්ෂම කරන බවයි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – www.rt.com

image.png



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More