වෙනිසියුලාව තුළ ඉදිරි ජනාධිපති හා ව්‍යවස්ථාදායක මැතිවරණය තෙක් පාලනය කිරීමට අතුරු රජයක් පිහිටවිය යුතු බවට එක්සත් ජනපදය සුගියදා ප්‍රකාශ කර ඇත.
ඔවුන් තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ලොව දුෂ්කර තත්ත්වයන් ප්‍රයෝජනයට ගත් තවත් අවස්ථාවක් ලෙස වෙනිසියුලාවේ වත්මන් රජය බලයෙන් පහ කිරීමට දරන උත්සාහය පෙන්වා දිය හැකි බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා සිටී.
පසුගිය සතිය තුළ රුසියාව විසින් වෛද්‍ය පරීක්ෂණ කට්ටල දස දහසකින් සමන්විත ආධාරද චීනය විසින් විශේෂ වෛද්‍යවරුන් ගෙන් සමන්විත කණ්ඩායමක්ද වෙනිසියුලාව වෙත ලබාදී ඇති අතර සම්බාධක ඉවත් කරන ලෙසද එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇත.
මීට අමතරව කියුබානු රජය වෙත චීන සමාගමක් වන අලිබබා හි අධිපති Jack Ma විසින් පරිත්‍යාග කර ඇති වෛද්‍ය සැපයුම් ප්‍රවාහනය සඳහාද අවසන් මොහොතේ සම්බාධක පැනවීමට එක්සත් ජනපදය කටයුතු කර ඇත. එම සැපයුම් අතර කියුබානු රජය ඇතුළු තවත් ලතින් ඇමරිකානු රටවල් 24 සඳහා පරිත්‍යාග කරන ලද මුහුණු ආවරණ මිලියන 2, පරීක්ෂණ කට්ටල 400,000 හා කෘතිම ස්වසන උපකරණ 104 අඩංගුවී තිබූ බව සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය වෛද්‍ය සැපයීම් සඳහා ඇති සම්බාධක සියල්ල ඉවත් කරන ලෙස පවසා ඇති මොහොතක එක්සත් ජනපදයේ මෙම ක්‍රියාව මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස කියුබානු ජනාධිපති පෙන්වාදෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...