සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මෙතෙක් පමා වූ වසංගත පාලන උපාය මාර්ගික ප්‍රවේශයේ වන සැක කටයුතු සියළු දෙනා පරික්ෂාවට භාජනය කිරීම යන තීන්දුව සෘජුව ප්‍රකාශයට පත් කිරීම වෙනුවට සාම්පල පරික්ෂාවක් ගැන සහ ආරක්ෂාකාරී ප්‍රෙව්ශයක් ගැන කථා කිරීම පිළිගත නොහැකි තත්වයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා ඒ බව සඳහන් කළේ අද දින සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශය පිළිබඳව ජාතික සංවිධාන මතය විමසූ අවස්ථාවේදීය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ වසංගත පාලනයකදී ආරක්ෂාකාරී ප්‍රවේශය යනු ස්වාභාවික ක්‍රියාවලියට ඉඩදීම බවත් පාලන ක්‍රියාමාර්ග සෑම විටම ප්‍රහාරාත්මක වන බවය.
සැක කටයුතු සියළු දෙනා පරීක්ෂණ වලට භාජනය කරන බවට තින්දුව නිරවුල්ව රටට ප්‍රකාශ කිරීමෙන් පසුව රජයේ පහසුකම් වලට අමතරව පුද්ගලික අංශයේ පහසුකම් උපරිමයෙන් යොදා ගත යුතු ඉවත් ඊට අමතරව ඇමරිකාව, රුසියාව, චීනය යන රටවල දැනට සහතික කොට ඇති හදිසි පරීක්ෂණ ක්‍රමවේද යොදා ගැනීම සඳහා එම රට වල තානාපති අංශ සමඟ වහාම සාකච්ඡා කළ යුතු බවද වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
We respect Dr.Wasantha Bandara’s opinion but according to news reports the DGHS has mentioned about carrying out a sampling test for people “near those who were found to be infected”. At the same time he has mentioned that testing of contacts would be increased. Perhaps he differentiates between conducting tests such as PCR on the relatively less numbers of “contacts of infected persons” against a higher number of “people living near those who were found to be infected”. Latter becomes a difficult task due to large numbers involved as well as limited laboratary facilities available in the country. Therefore until additional testing facilities are made available health authorities are compelled keep the people in the second group as suspects under observation in quarentine.