දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(02 ) දිනයට අදාලව අද දිනයේ(03 ) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 02 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් ගනන තුන් දෙනෙකි. මෙය දෙදෙනෙකුගේ අඩුවීමකි. කෙසේ වුවද ආසාදිතයන් හතර දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාදිතයින් 151 දෙනෙකු වාර්තා වී ඇත. දැනට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී තිබේ. දෙවෙනි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි. සංඛ්‍යාත්මකව එම අගය 25කි.

කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් 24 සහ 11 බැගින් ආසාදිතයින් වාර්තා වී තිබේ. මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක වලින් 4 බැගින් ආසාදිතයින් වාර්තා වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2ක් වාර්තා වී ඇත. ගාල්ල,මාතර,කෑගල්ල, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වලින් එක් ආසාදිතයෙකු බැගින් හමුවී තිබේ.

දැනට තිබෙන තත්වය අනුව ඉදිරි දින කිහිපය ශ්‍රී ලංකාවට ඉතාම තීරනාත්මක බව රජයේ විද්‍යය නිළධාරීන්ගේ සංගමයේ මෙන්ම වසංගත රෝග නිවාරන විශේෂඥයන්ගේ ද මතය වී තිබේ.

ඒ අනුව ජාතික සංවිධාන එකමුතුව, විද්වත් භික්ෂූන් වහන්සේලා මෙන්ම හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමයද පවසා සිටින්නේ COVID-19 වෛරසය මර්ධනයට මෙතෙක් අණුගමනය කළ ආරක්ෂණවාදී වැඩ පිළිවෙලේ සිට ප්‍රහාරාත්මක වැඩ පිළිවෙලකට සීරු මාරු විය යුතු බවයි.

ඊයේ වන විට ලෝකයේ රටවල් 204කින් වෛරසය ආසාදනය වූවන් 896450 දෙනෙකු හමුවී ඇති අතර ලෝකය පුරා මරණ 45526ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනය තුළ වාර්තා වූ රට ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තා වලට එක් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය වන අතර එම අගය 24103කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More