ශ්‍රී ලංකාවේ හමුදාවන් යුද අපරාධ සිදුකල බවට සාවද්‍ය වාර්තාවක් මත පදනම් වු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තියට විරුද්ධ වෙමින් රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අද (14) මානව හිමිකම් කවුන්සලය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙය සැබවින්ම මානව හිමිකම් කවුන්සලයේ අවධානයට ලක් විය යුතු මානව හිමිකම් තත්ත්වයක් බව ද වීරසේකර මහතා මෙහිදි සඳහන් කර ඇත.
මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඔහුගේ 37/23 දරණ වාර්තාවෙන් ශ්‍රී ලංකාව 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන යාවත්කාලින කර තිබෙන බව ද පැවසු වීරසේකර මහතා 2017 මාර්තු මාසයේ මහ කොමසාරිස්වරයා විසින් ලංකාවේ හමුදාවන් යුද අපරාධ කලා යැයි සඳහන් oislවාර්තාව සාවද්‍ය බව පෙන්වලා වාර්තා දෙකක් ඉදිරිපත් කළ බව ද සඳහන් කළේය.
ජිනීවා යෝජනාවට පාදක වුනේ මෙම OISL වාර්තාව වන අතර විදේශ අමාත්‍යවරයා විසින් මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්වුයේ රටේ ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙවැනි සාවද්‍ය වාර්තාවක් තුළින් ශ්‍රී ලංකිකයන්ගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් පැවසු වීරසේකර මහතා, වැරදි උපදෙස් මත අනුමත වන යෝජනාවක අවසානයේ විපාක විඳීමට සිදුවන්නේ ලාංකීක ජනතාවට බව ද කියා සිටියේය.
මානව හිමිකම් කවුන්සලය නීතියට උඩින් පිහිටා ඇති ආයතනක් නොවන අතර, මෙම තත්ත්වය කවුන්සලයේ අවධානයට යොමු කිරීමට ගත හැකි සියලු ප්රයත්නයන් නිෂ්පල වූ බැවින් මම පැමිණිලි ක්රියාදාමයේ පෙත්සමක් අද මේ කවුන්සලයට ඉදිරිපත් කරන බව ද වීරසේකර මහතා සඳහන් කළේය.
මෙය සාමාන්‍යයෙන් රාජ්‍යයන්ට විරුද්ධව කරන්නක් වුවත් මෙම යාන්ත්‍රනය කවුන්සලයට සහ මහ කොමසාරිස්වරයාට එරෙහිවද පාවිච්චි කළ හැකි අන්දමද පෙන්වා දී ඇති බව ද ඔහු පැවසීය.
එබැවින් මෙම පෙත්සම පිළිබඳව තීරණයක් ගන්න තුරු මෙම යෝජනාව තවදුරටත් ක්‍රියාත්මක කිරීම ඇත්හිටුවන ලෙස ද ඔහු කවුන්සලයෙන් ඉල්ලා සිටියි.
Item:4 General Debate (Cont'd) – 35th Meeting, 37th Regular Session Human Rights Council
සභාපති තුමනි අද අප කතා කරන්නේ මානව හිමිකම් කවුන්සලයේ අවධානයට ලක් විය යුතු මානව හිමිකම් තත්වයන් පිලිම්බදවයි .මානව හිමිකම් මහා කොමසාරිස් ඔහුගේ 37/23 දරන වාර්තාවෙන් ශ්‍රී ලංකාව 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන යාවත්කාලින කර තිබෙනවා .2017 මාර්තු මස මා මහා කොමසාරිස්ගේ ලංකා හමුදාවන් යුධ අපරාධ කලායයි සඳහන් oisl වාර්තාව සාවද්‍ය බව පෙන්වලා වාර්තා දෙකක් ඉදිරිපත් කළා .ජිනීවා යෝජනාවට පාදක වුනේ මෙම OISL වාර්තාව .ලංකා රජයේ විදේශ ඇමති මෙම යෝජනාවට සම අනුග්‍රහය දැක්වුයේ රටේ ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව .සාවදය වාර්තාවක් මත පදනම් වූ යෝජනාවක් ක්‍රියාත්මක කිරීම එක්සත් ජාතීන්ගේ ප්රන්ගප්තියට විරුද්ද වන අතර එය ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංගනය කිරීමක් . වැරදි උපදෙස් මත අනුමත වන යෝජනාවක අවසානයේ විපාක විඳීමට සිදුවන්නේ ලාංකික ජනතාවට .මානව හිමිකම් කවුන්සලය නීතියට උඩින් පිහිටා ඇති ආයතනක් නොවේ .මෙම තත්වය කවුන්සලයේ අවධානයට යොමු කිරීමට මා ගත් සියලුම ප්රයත්නයන් නිෂ්පල වූ බැවින් මා පැමිණිලි ක්රියාදාමයේ පෙත්සමක් අද මේ කවුන්සලයට ඉදිරිපත් කරනවා .මෙය සාමාන්‍යයෙන් රාජ්‍යයන්ට විරුද්ධව කරන්නක් වුවත් මෙම යාන්ත්‍රනය කවුන්සලයට සහ මහා කොමසාරිස්වරයාට එරෙහිවද පාවිච්චි කළහැකි අන්දමද මා මෙහි පෙන්වා තිබෙනවා .එබැවින් මගේ එම පෙත්සම පිළිඹදව තීරණයක් ගන්න තුරු මෙම යෝජනාව තවදුරටත් ක්‍රියාත්මක කිරීම ඇත හිටුවන ලෙස මා ඉල්ලා සිටිනවා .ස්තුතියි .Mr. President,Today we speak about the human right situations that require council’s attention.The High Commissioner in his report A/HRC/37/23 on Sri Lanka updates the Council on Sri Lanka’s implementation of resolution 30/1. My remarks pertain to the High Commissioner’s report.In March 2017, I filed two reports which conclusively rebutted the OISL report of the High Commissioner which alleged that Sri Lankan forces committed war crimes. The OISL report is the basis for resolution 30/1. The foreign Minister of the SL government co-sponsored the resolution without the approval of the President and the Parliament of Sri lanka.Continuing to implement a resolution based on a flawed report is a breach of the principles of the UN Charter, and therefore a grave violation of the human rights of all Sri Lankans. It is the People of Sri Lanka who have to ultimately suffer the consequences of ill-advised UNHRC resolutions. The Human Rights Council is not above the law. Having exhausted all my options in bringing this situation to the attention of the Council, I have filed a Complaint Procedures petition. Normally, the Complaint Procedures mechanism is used against States, but I have adduced cogent reasons why the mechanism must cover complaints against the UNHRC or the OHCHR.I request the Council to impose a moratorium on all actions related to resolution 30/1 pending a decision on my Complaint.Sachithra Adheesha Weerasekera Maduranga Perera
Gepostet von Global Sri Lankan Forum am Mittwoch, 14. März 2018
————————————————————————–
හුසේන්ගේ වාර්තාවට අභියෝග කරන්න ශ්‍රී ලාංකිකයන් පිරික් ජිනීවා යති
ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ඉදිරිපත් කරනශ්රී ලංකාවට එරෙහි වාර්තාවට අභියෝග කිරීම සදහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සමග ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ 30 දෙනෙකුගේ කණ්ඩායමක් අද(14) දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණෙති.
මෙහිදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ දේශකයන් හයදෙනෙකු මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය. එහිදී ජිනීවා යෝජනා නීති විරෝධී බවත් , එම යෝජනාව සදහා ඡන්ද විමසීමක් කර නැති බවත් පෙන්නුම් කෙරේ.
ලබන 18 වනදා ජිනීවා යෝජනාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක්ද පවත්වන අතර කොටින්ගේ බිහිසුනු අපරාධ පිළිබිඹු කරන ප්රදර්ශනයක්ද මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට පැවැත්වීමට ද නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...