දේශීය පුවත්

කොවිඩ් -19 ආසාදිත මරණ පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවේදී පැහැදිලි කිරීමක් කළේය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා සියලු දෙනා හමුවේ කරුණු ඉදිරිපත් කර මෙම ප්‍රශ්න විසඳා ගත යුතු යැයි පැවසීය.

එයට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ක්‍රමවේද දෙකම භාවිතා කළ හැකි දන්වා ඇති බවයි.

ඒ අනුව මෘත දේහයකින් වෛරසය පැතිරීම ‍මිථ්‍යාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ, මරණයක් සිදුවු වහාම අවසන් කටයුතු සිදු කිරීමට මුලික පරමාර්තය බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව මෘත ශරීරය ඇල්ලීමෙන් වළකින ලෙසත් දෙදෙනෙකුට පමණක් මෘත ශරීරය බැලිය හැකි ආදි නිර්ණායක ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

මෙය සියයට සියක් මෙසේ කළ යුතු යැයි කිව නොහැකි නමුත් ලංකාවේ ඇති කබොක් ගල් නිසාවෙන් විෂබීජය පැතිර යා හැකි බවත් පැවසු වෛද්‍යවරයා, මෙවැනි දෙයකට සුදුසු ස්ථානයක් ලංකාව තුළ සැකසීම අසීරු බවත් කියා සිටියේය.

මෙය පළාතෙන් පළාතට වෙනස් වන බවත්, සිංහල හෝ මුස්ලිම් අනුව මෙය බෙදීමක් කළ නොහැකි බවත් පැවසු අනිල් ජාසිංහ මහතා රෝගීයෙක් මිය ගිය වහාම අසල ඇති ආදාහනාගාරය තුළ අවසන් කටයුතු කිරීම අභිප්‍රාය වන බවත් පැවසීය.



One thought on ““කිසිදු ආගමකට විශේෂ අවස්ථා නෑ.. මුස්ලිම් සිරුරු වෙනම දෙන්න බෑ” – වෛද්‍ය අනිල් ජාසිංහ හකීම්ගේ මූණටම කියයි (Video)”

  1. Interesting to watch Anil Jasinghe explain about why only the cremation option is available or mandated by the health authorities in Sri Lanka. As Rauf Hakeem says, the WHO has mandated a choice of either burial or cremation, and thousands of bodies are being buried in the USA and Italy (for example). Are these countries ok for burial, in terms of their water table and composition of soil, uniformly? How does Jasinghe explain the recommendations of the WHO and his (and by extension the government’s) opposition to it based on bodies needing to be transported to suitable areas etc, to find good soil conditions? I sense something fishy here…

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More