සඟවාගෙන ඇති බඩඉරිඟු තොග වහාම වෙළෙඳපොළට මුදාහරින ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කළ ඉල්ලීමට අනුව උතුරුමැද පළාතේ බඩඉරිඟු තොග මුදාහැරීමේ වැඩපිළිවෙළට අමාත්‍යවරයකුගෙන් බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි.
බඩඉරිඟු තොග ගබඩා කර ඇති ඌව පළාතේ ගබඩාකරුවන් අවශ්‍ය තොග වෙළෙඳපොළට මුදාහැර ඇත. නමුත් උතුරුමැද පළාතේ බඩඉරිඟු තොග මුදාහැරීම සිදු කිරීමට අමාත්‍යවරයාගේ බලපෑම් එල්ල වීම නිසා නතර වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
බඩඉරිඟු කිලෝවක් රුපියල් පනස් පහකට අලෙවි කරන ලෙස දන්වා අධිකාරිය ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත. ඒ ත්‍රිපෝෂ සහ කුකුළු කෑම නිෂ්පාදනය සඳහා බඩඉරිඟු නොලැබීම හේතුවෙනි. සඟවාගෙන ඇති බඩඉරිඟු තොග මුදා හැරීමෙන් ත්‍රිපෝෂ සහ කුකුළු කෑම නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාහැකි බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...