බුදුරජානන් වහන්සේ දේශනා කළ සෞඛ්‍ය පුරුදු වර්ථමානයට බෙහෙවින්ම යෝග්‍ය වන බැවින් ධර්මදේශකයානන් වහන්සේලා ඒ පිළිබඳව දැනුවත් කරමින් දේශනා පවැත්වීම අත්‍යවශ්‍යවී ඇතැයි වෙඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි අනුනාහිමියෝ පවසති.
සාම්ප්‍රදායික ධර්ම දේශනා රටාව මෙන්ම බුදුරජානන් වහන්සේ දේශනා කළ සෞඛ්‍ය පුරුදු පිළිබඳව ජනතාව දැනුවත් කොට මේ මොහොතේ භයානක රෝග තත්වයෙන් මුදා ගත යුතු බව අනුනාහිමියෝ අවධාරණය කරති.
රෝග ඇතිවන ආකාරය, රෝග නිධානය, රෝග වළක්වා ගන්නා ආකාරය ඇතුළු කාරණා පිළිබඳව බුදුරජානන් වහන්සේ මීට වසර දෙදහස් පන්සිය ගණනකට ඉහතදී දේශනාකොට ඇති බවත් ආහාර ගන්නා ආකාරය හා පිරිසිදුකම අංගුත්තර නිකායේ සහ සේඛියා ධර්මවලින් පැහැදිලි වන බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
සොබාදහමට පිටුපාමින් සොබාදහම වැනසූ මිනිසුන් සහ ලොව මහා බලවතුන් සේම ගමේ අහිංසක මිනිසාවද එකම තත්වයකට පත්කරමින් සොබාදම් මාතාව මනා පණිවුඩයක් නිකුත්කොට ඇති බවත් නැවතත් සොබාදහම රැකගැනීමට සියලු දෙනාගේම අවධානය යොමු විය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...