ප‍්‍රධාන පුවත්

පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි නිසමුදීන් පල්ලියේ භාරකාර මණ්ඩලයට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය බළධාරීන් කටයුතු කරන බව වාර්තාවේ.

ඉන්දීය බළධාරීන් චෝදනා කරන්නේ දින 21 ක කාලයකට සමස්ත ඉන්දියාවම වසා දැමිය යුතු බවට අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා නියෝග කර තිබියදී ඉන්දීය ජාතිකයන් මෙන්ම වෙනත් විදෙස් ජාතිකයන්ගේ සහභාගිත්වයෙන් යඥා මෙහෙයන් පැවැත්වීම  නඩු පැවරීමට හේතු වී ඇති බවයි.

එසේම ඉන්දීය සෞඛ්‍යය අංශ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම සොයා ගත් COVID-19 වෛරසය ආසාදනය වූවන්ගෙන් බොහෝ ඉස්ලාම් භක්තිකයන් නිම්සුදීන් පල්ලියේ දේව මෙහෙයන්ට සහභාගි වූවන් විය. ඒ අනුව ඉන්දියාවටම COVID-19 වෛරසය බෝකරණ අපි කේන්ද්‍රය මෙම පල්ලිය බව එරට සෞඛ්‍යය අංශ සැක කරන්නට විය.

එම පල්ලියේ භාර කාර මණ්ඩලයට අමතරව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටද ඉන්දීය බලධාරීන් නඩු පැවරීමට කටයුතු කරන අතර සමස්ත චූදිතයන් සංඛ්‍යාව 157කි. ඔවුන් අතරින්  94 දෙනෙකු ඉන්දුනිසියානුවන්  වන අතර කිර්ගිස්තාන ජාතිකයන් 13 දෙනෙක්, බංගලාදේශ ජාතිකයන් 9 දෙනෙක්, මැලේසියානු ජාතිකයන් 8 දෙනෙක්, ඇල්ජීරියානු ජාතිකයන් 7 දෙනෙක් සහ ටියුනිසියා,බෙල්ජියම් සහ ඉතාලි ජාතිකයන් එක් අයෙකු බැගින් වන අතර ඉතිරි සියලු දෙනා ඉන්දීය ජාතිකයෝ වෙති.

මීට පෙර ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටියේ ශ්‍රී ලාංකිකයෝ 34 දෙනෙකුද එම පල්ලියේ යාඥා මෙහෙයන්ට සහභාගි වූවන් අතර සිටි බවයි.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com

 

මූලාශ – sputniknews.com

 

 

 

 

 

 

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More