විදේශ පුවත්

 

පැය 24 තුල මරණ 1000 ඉක්මවා යමින් එක්සත් ජනපදය COVID19 වසංගතයේ අඳුරු සන්ධිස්ථානයකට මේ වන විට පැමිණ ඇත.

Jhons Hopkins විශ්වවිද්‍යාලයේ වාර්තාවලට අනුව බ්‍රහස්පතින්දා සවස වන විට ඔවුන්ගේ දිනක් තුල මරණ සංඛ්‍යාව 1,169 අගයක පැවතිණි. එක්සත් ජනපදයේ මුළු ආසාදිත සංඛ්‍යාව 240,000 ඉක්මවා ගොස් ඇති අතර එය ලොව සියලු ආසාදිත ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් 1/4 අගයකි.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 පුරාම මේ වන විට වෛරසය පැතිරී ඇති අතර නිව්යෝර්ක් එම ලයිස්තුවේ ඉහළින්ම සිටී.

මේ අතර එක්සත් ජනපද Theodore Roosevelt නෞකාවේ අණදෙන නිලධාරී Captain Brett Crozier තම නෞකාවේ COVID19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ආසාදිතයන් ඉවත් කිරීමට අවසර ඉල්ලා යවන ලද ලිපියකින් අනතුරුව සිය තනතුරින් ඉවත් කර තිබුණි.

“`අපි යුද්ධයක නැහැ. නැවියන් මියයන්න අවශ්‍ය නැහැ. අපි දැන්ම ක්‍රියාමාර්ගයක් නොගත්තොත් අපිට ඇති විශ්වාසදායකම වත්කම අපිට අහිමි වේවි

යනුවෙන් ඔහුගේ ලිපියේ අඩංගු වී ඇත. කෙසේ වෙතත් ඔහු ඉල්ලා ඇති පරිදි නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හට Guam දුපතේ සංචාරක හෝටල්වල නවාතැන් ලබාදී ඇත. ඔහුගේ ලිපියේ ඉල්ලීම් සම්පූර්ණ නිවැරදි බවත් ඔහු ක්‍රියා කළ ආකාරයේ යම් ගැටලු පවතින බවත් පවසමින් එක්සත් ජනපද හමුදාව ඔහුව තනතුරෙන් ඉවත් කිරීමේ තීරණය සාධාරණීයකරණය කරගැනීමට කටයුතු කර තිබුණි.

මූලාශ්‍ර – www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More