දේශීය පුවත්

දැනට නිරෝධායනයට ලක්කර තහනම් කලාපයක් ලෙස නම් කර ඇති බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපයේ පදිංචිව  සිට ඇති 28 හැවිරිදි මවක් දර්ගා නගරයේ පදිංචි බවට  ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර ඇතැයි  වාර්තා වී තිබේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී ඇය පදිංචි සැබෑ ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව අණාවරණය වී ඇත.ඒ අනුව ඇයගේ රුධිරය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇයට COVID-19 වෛරසය ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව වාර්තා වේ.

මෙවන විට ඇය බිහි කළ දරුවාට වෛරසය ආසාදිතව ඇත් දැයි පරීක්ෂණ කෙරෙමින් පවතින අතර රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද රෝහල් ප්‍රකාශකයෙක් මාධ්‍යයට සඳහන් කළේය.

මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ COVID-19 වෛරසය ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More