දේශීය පුවත්

වර්තමානයේ ශ‍්‍රි ලංකාව තුල ඇතිව තිබෙන කලහකාරී තත්වය පැති ගණනාවකින් 1983 ජූලි මාසය හා සමාන බව ජිනීවාහි හිටපු ශ‍්‍රි ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය පවසයි. එළිය සංවිධිනය විසින් ඊයේ(13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමාරා කුනනායකම් මහත්මිය මේ බව පවසා සිටියේය.

දේශපාලන අරමුණු සහිතව ජනවර්ගයන් අතර ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන් ඇති කර තිබෙන බවත් ඉන් බලාපොරොත්තු වන්නේ රට තුල ඇති සැබෑ ප‍්‍රශ්න යටපත් කර ජනතා අවධානය වෙනතකට යොමු කිරීම බවද ඇය පෙන්වා දෙයි.

අද ඇතිව තිබෙන තත්වය 1983න් වෙනස් වන එකම සාධකය වන්නේ එදා ඉලක්කය යූ දෙමල ජනතාව වෙනුවට අද මුස්ලිම් ජනතාව ඉලක්ක වීම බවද ඇය කියා සිටී.

මුස්ලිම්වරුනට එරෙහිව සිදුවූ මෙම ප‍්‍රහාර වොෂින්ටනයේ න්‍යාය පත‍්‍රය මත සිදු වූවක් බවත් එමගින් ශ‍්‍රී ලංකාව ඇමරිකාවට වාසිදායක රටක් බවට පත් කිරීම හා චිනයෙන් උපායමාර්ගිකව ඈත් කර තැබීම බලාපොරොත්තුව බවත් ඇය පෙන්වා දෙයි.

කොළඹදී පැවති එළිය සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කළේය.

මෙරට සිටින ඇමරිකානු තානාපතිවරයා හැසිරෙන්න යුව රජෙකු ලෙසින් යයිද කී ඇය අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් නොකරන්නැයි තානාපතිවරයා විසින් කර තිබූ නියෝගයට මෙරට පාලකයන් එකග වී තිබූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More