විදේශ පුවත්

රුසියානු ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය Alexander Semenov ප්‍රමුඛ රුසියානු හමුදාවේ නිලධාරීන් ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් ඉතාලියට ගොස් ඇති අතර ඔවුන් කොරෝනා වෛරසය මර්දනය කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යමින් පවතී.

රුසියානු හමුදා වෛද්‍ය කණ්ඩායම මේ වන විටත් රෝහල්වල ප්‍රතිකාර කටයුතු වලට දායක වන අතර වත් පිරිසක් ඉතාලි වෛද්‍යවරුන්ට වසංගත රෝග මැඬලීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවද ලබාදීම සිදුකරයි. මීට අමතරව තව කණ්ඩායමක් වසංගත රෝග විශේෂඥයන්ගේ මගපෙන්වීමට අනුව විෂබීජ නාශනය සඳහා ද සහයෝගය දක්වයි. මෙහිදී මූලික පියවර ලෙස COVID19 වෛරස ආසාදිතයන් වෙනත් වෛරස් ආසාදිත රෝගීන් ගෙන් වෙන් කිරීම සිදුකරයි.

තවද රුසියානු හමුදා නිලධාරීන්ගෙන් සැදුම් ලත් විශේෂිත බලකායක් ඉතාලි හමුදාව සමග එකතුවී කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නව රෝහල් ඉදිකිරීම කාර්යන්ට ද දායක වී කටයුතු කරයි.

මේ අතරම දැනට රුසියාව තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු කරගෙන ඇති පිරිසෙන් 25% ආසන්න ප්‍රමාණයකට වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ආසාදිත හා පැතිර යන රෝග පිළිබඳ රුසියාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරිනී Anna Papova පවසයි. නමුත් ඔවුන් රෝග වාහකයින් වන බැවින් වඩා අවධානය යොමුකළ යුතු බව ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටී.

මූලාශ්‍ර – news.mail.ru

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More