රාජකාරියේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඊයේ පස්වරුවේ රඹුක්කන පොලිස් වසමේ පත්තම්පිටිය ප්‍රදේශයේදී කොරෝනා වෛරසය මැඩලීමේ රාජකාරියේ නිරතව සිටි රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණි.
පහරකෑමෙන් තුවාල ලැබු අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වනවිට රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අදාල පහරදීම සිදුකළ පුද්ගලයා 15 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතරඔහු මේ වන විට ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක සැඟව සිටින බවට ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ පිළිබඳ වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...