ප‍්‍රධාන පුවත්

සමාජය ලෝක් ඩවුන් කිරීමේ අවශ්‍යතාවය පිළිගනිමින් එය ලිහිල් කළ හැක්කේ එම කාලය තුල සමාජය තුල උපරිමයෙන් පරීක්ෂා කිරීම් සිදුකොට හැකිතාක් සමාජය තුල සටින රෝගීන් හදුනා ගැනීම තුලින් පමණක් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේක මැට් හැන්කොක් පවසයි.

පසුගිය අඟහරුවාදා ඩවුනික් වීදියේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විසින් පස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශයක් ඉදිරිපත්කොට ඇති අතර ඒ මගින් සමාජයේ සිටින රෝගීන් හදුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවද පිළිගෙන ඇත.

ඒ අනුව දිනකට පරීකක්ෂණ 10,000 ක් සඳහා ඉලක්කය ලක්ෂ 1ක් දක්වා වැඩිකළ යුතු බව ඔහු ප්‍රකාශ කරයි. එම පස් වැදෑරුම් උපායමාර්ගය මෙසේය.

  1. පරීක්ෂණ මඟින් සමාජයේ සිටින රෝගීන් හඳුනාගැනිමට ප්‍රමුඛතාවය දිය යුතුය. එනම් 10,000 ක ඉලක්කය ලක්ෂ 1ක් දක්වා දසගුණයකින් වැඩි කළ යුතුය.
  2. එම පරීක්ෂණ සඳහා රජයේ ආයතන වලට අමතරව රජයේ අධීක්ෂණය යටතේ විශ්ව විද්‍යාලවල, පර්යේෂණ ආයතනවල සහ පුද්ගලික අංශයේ රසායනාගාර භාවිත කිරීම.
  3. නව හදිසි පරීක්ෂණයක් වන රුධිරයේ ප්‍රතිදේහ බැලීමේ පරීක්ෂණ ක්‍රමවේද අමතරව යොදා ගැනීම ( වෛරසය පරික්ෂා කිරීමේ පරීක්ෂණ වලට අමතරව )
  4. සමාජයේ සියළු සැකකටයුතු පිරිස් සහ සෞඛ්‍ය සේවකයින් ඇතුළු පුළුල් පරාසයක් දක්වා පරීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කිරීම.
  5. පරීක්ෂණ කටයුතු දීර්ඝ කිරීම සඳහා අනාගත අවශ්‍යතා මුල්කරගෙන පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය දිරිගැන්වීම.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More