ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන් අනුව රටේ වගකිව යුතු ප්‍රධාන නිලධාරියා විසින් දේශීය තත්වයන්ට අදාළව සම්මතයක් නිමය කළ විට පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ආගමික හේතු මත එම නියෝග වලට අභියෝග කිරීම හෝ ඒවා තවත් ආගමික සහ දේශපාලන මණ්ඩලයකින් සමාලෝචනය කළ යුතු බවට ඉල්ලීම් කිරීම යම් වගකිව යුතු යම් දේශපාලඥයෙකු කටයුතු කරන්නේ නම් එම මෘද්ධ ක්‍රියාවක් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ලංකා ලීඩ් නිවුස් වෙත අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි මහජන විශ්වාසය දිනා ගෙන සිටින සංවිධානයක් විසින් එවැනි මෘද්ධ ක්‍රියා අනුමත කිරීම බලවත් වරදක් බවය. ඊට අමතරව මළ සිරුරු ආදාහනය කිරීම මාධ්‍ය මඟින් පෙන්වීමද මූලධාර්මික වරදක් බව ඒ මහතා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...