කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නැති බව රජය පවසයි.
අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමග අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්ම වන ඇඳිරි නීතිය ඇතුළු සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බවද රජය සඳහන් කරයි.
කොවිඩ් – 19 රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරි පියවර තීරණය කිරීම සඳහා ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
වර්තමානයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන කොරෝනා මර්දන වැඩසටහන අලුත් අවුරුද්ද අවසානය වන තෙක් විධිමත්ව පවත්වාගෙන යාමටත්, අනතුරුව තත්ත්වය විමර්ශනය කර ඊළඟ පියවර ගැනීමටත් එහිදී රජය තීරණය කර තිබේ.
එමෙන්ම වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර කරන නිර්දේශ අධ්‍යයනය කර සුදුසු පරිදි පිළිපැදීමට ද දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යාමටද සාකච්ජාවේ දී එකඟත්වය පළ වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාව සඳහා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙසු නිලධාරීහූ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...