වසංගත රෝග විද්‍යා අංශය ඊයේ(04 ) දිනයට අදාලව අද දිනයේ(05) උදෑසන 10:00ට නිකුත් කළ වාර්තාවට අනුව අප්‍රේල් 04 වනදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ COVID-19 වෛරසය ආසාදිතයින් 07 දෙනෙකි. මෙය අප්‍රේල් 03 දිනට වාර්තා වූ ආසාදිතයින් ගනනට වඩා එක් අයෙකුගේ අඩුවීමකි. මේ වනවිට ආසාදිතයන් පස් දෙනෙකු ශ්‍රී ලංකාව තුළ මිය ගොස් ඇත.
අප්‍රේල් 04 වනදා වන විට සමස්ත ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාදිතයින් 166 දෙනෙකු වාර්තා වී ඇත. දැනට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 42 දෙනෙකු අප්‍රේල් 04 වනදා වන විට වාර්තා වී තිබේ. දෙවෙනි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙනි. සංඛ්‍යාත්මකව එම අගය 27කි.කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් 25 සහ 11 බැගින් ආසාදිතයින් වාර්තා වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 4ක් සහ යාපනය දිස්ත්‍රික්කය තුළ ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 3ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2ක් වාර්තා වී ඇත. ගාල්ල,මාතර,කෑගල්ල, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වලින් එක් ආසාදිතයෙකු බැගින් හමුවී තිබේ.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන පරිදි මේ වන විට වෛද්‍යය විද්‍යාත්මක පුරෝකතනයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ වෛරසය ආසාදනය වූවන් 42,000ක ප්‍රමාණයක් ඇස්තමේන්තු කර ඇත.එය කලින් ඇස්තමේන්තුවට වඩා ආසාදිතයින් 22,000ක වැඩිවීමකි.
මේ අනුව රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ දැනට ලෝකයේ ඇති සාර්ථකව භාවිතා කළ අඩුවියදමකින් අඩුකාලයකින් වෛරසය ආසාදනය වූවන් සොයා ගන්නා ක්‍රම භාවිතා කොට ආසාදිතයන් නිරෝධායනයට යොමුකිරීමත් සැක සහිත අයවළුන් නැවත නැවත පරීක්ෂණයට භාජනය කිරීමත් කළ යුතු බවයි. වසංගත රෝග නිවාරන විශේෂඥයන්ගේ ද මතය වූ ඉදිරි දින කිහිපය තුළ ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි යන්න සාක්ෂාත් වෙමින් පවතින බව ස්වාධීන නිරීක්ෂකයන්ගේ මතයයි.
අප්‍රේල් 4 වනදා වන විට ලෝකයේ රටවල් 206කින් වෛරසය ආසාදනය වූවන් 1051635 දෙනෙකු හමුවී ඇති අතර ලෝකය පුරා මරණ 56985ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනය තුළ වාර්තා වූ රට ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තා වලට එක් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය වන අතර එම අගය 28103කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...