ලෝක සවාරියක යෙදෙන MSC Magnifica නෞකාවේ සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු තමන්ව බේරාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. මෙම නෞකාව 06 දා ශ්‍රී ලංකාවේ කොළඹ වරායට සේදුවීමට නියමිත බවත් එහිදි තමාව ශ්‍රී ලංකාවට භාර ගන්නා ලෙසත් ඔහු ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව එම නෞකාවේ සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර මහතා පවසයි.
නෞකාවේ සමස්ත මගින් සංඛ්‍යාව 2700 ක් පමණ බවත් ලෝක සවාරියක් යාමට නෞකාව පසුගිය ජනවාරි මස 5 වෙනිදා පිටත් වුවත් පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ටේ‍්‍රලියාවේදි නවතා දැමීමට සිදු වූ බවත් ඔහු පැවැසීය.
ලෝකයේ කිසිදු රටක් මෙම නෞකාව භාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මවු ශාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීම සඳහා දැන් එම නෞකාව ගමන් ආරම්භ කර සිටින බවත් ඔහු පැවැසීය.
මේ වන විට දින 25 ක කාලයක් මෙම නෞකාවේ සියලු දෙනාම රැදි සිටින අතර කිසිදු කොරෝනා ආසාදිතයෙක් මෙම නැවෙන් වාර්තා වී නොමැති බව ඔහු සඳහන් කරයි.
මෙම නෞකාවට සැපයුම් ලබා ගැනීම සඳහා හෙට අලුයම 6 ට පමණ කොළඹ වරායට පැමිණ පැය 3 ක කාලයක් එහි රැදි සිටින බවත් එහිදි ශ්‍රී ලංකාවට තමාව භාර ගන්නා ලෙසත් ඔහු ඉල්ලීමක් කරයි.
මේ අවස්ථාවේදී තමාට ලංකාවට ඒමට බැරි වුවහොත් නැවත යුරෝපයට යෑමට සිදුවන බව මෙම තරුණයා කියා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
This person is neither suffering from an ilness or subjected to any other danger. He is travelling around the globe for business or pleasure. At the moment there are hundreds of young male and female students as well as some elderly people who are on temporary visas.stuck in countries like India, Bangladesh and Australiaa who couldn’t come back before the government stopped entry of travellers to the island due to Corona Pandemic. Many of these people have financial constraints and those countries have already asked them to leave causing severe problems to our diplomatic missions as well.. Ignoring such deserving people how can the government entertain the request of a single individual?