Notice Board

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 171 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්  5 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

අවසන් වරට හදුනාගත් ආසාදිතයින්ගෙන් තිදෙනෙකු හෝමාගම මූලික රෝහලෙන් වාර්තා වී ඇති අතර එක් පුද්ගලයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයක රැදී සිටි අයෙකු බව සදහන්ය.

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කළ මාතර ප්‍රදේශයේ පදිංචි අයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු සහ මීගමුව ප්‍රදේශයෙන් එක් අයෙකු මෙම ආසාදිතයින් අතර වන බවද අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

මේ අතර රෝගය ආසාදනය වූ පුද්ගලයින් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 5 ක් වෙයි.

රෝගීන් 137 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 259 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව ද සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More