දේශීය පුවත්

කොරෝනා වයිරසයට එරෙහි සටනේදී ස්වයං – විනය සහ අධිෂ්ඨානය අවශ්‍ය බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින විශේෂ ප්‍රකාශයක් කරමින් කීවාය.

දෙවැනි එළිසබෙත් රැජින රට අමතන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර බ්‍රිතාන්‍ය ජනතාව මුහුණ දෙන දුක, ශෝකය, වේදනාව මෙන්ම මූල්‍ය දුෂ්කරතා සම්බන්ධයෙන් ද අදහස් දැක්වූවාවය. කොරෝනා වයිරසය සියල්ල කඩාකප්පල් කර ඇතැයි ද ඇය එහිදි කීවාය.

ජාතික සෞඛ්‍ය සේවයේ කාර්යමණ්ඩලය ,  වෛද්‍යවරුන්, හෙදියන්, ඉදිරි පෙළ සිටින සේවක සේවිකාවන් යනාදී මේ මොහොතේ රාජකාරියේ නිරත හා කොරෝනා වයිරසයට එරෙහිව සියලු දෙනාට කෘතඥ වූ මහරැජින සෑම පුද්ගලයකුට පැවරුණු වැදගත් වගකීමක් හා කාර්යභාරයක් තිබෙන බව ද ප්‍රකාශ කළාය.

‘‘මෙම කාලය ඉතාමත් අභියෝගාත්මක කාලයක්’’ යැයි ද මහරැජින කීවාය.

බ්‍රිතාන්‍ය මහරැජිනගේ විශේෂ මේ වනවිට පටිගත කර ඇති බවත් රූපවාහිනි හා ගුවන්විදුලි නාලිකා සහ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇගේ ප්‍රකාශය අද (5) බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 8ට විකාශ කිරීමට නියමිතව තිබිණි.

‘‘අපි මේ වයිරසයට ප්‍රතිචාර දක්වපු ආකාරය ගැන අනාගතයේදී අපට ආඩම්බර විය හැකි’’ යැයි ද ඇය කීවාය.

‘‘අපට පස්සේ එන අය, බ්‍රිතාන්‍යයේ වත්මන් පරම්පරාව කොතරම් ශක්තිමත්ව සිටියාද’’ යනුවෙන් අප ගැන කතා කරාවි යැයි ද මහරැජින පැවසුවාය.

පෞද්ගලික ආරක්ෂිත උපකරණ පැළැඳී එක් කැමරාකරුවකු බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජිනගේ විශේෂ ප්‍රකාශය පටිගත කළ අතර තාක්ෂණික කණ්ඩායම වෙනත් කාමරයක සිට අදාළ කටයුතුවල නිරත වූහ.

බී.බී.සීඇසුරිනි

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More