කොවිඩ් 19 වෛරසයෙන් මියගිය පුද්ගලයන්ට චීනයේ වූහාන් නගරයේ වැසියන් පුෂ්පෝපහාර පුදකර තිබේ.
කොවිඩ් 19 වෛරසයේ තිඹිරිගෙය වන්නේ චීනයේ හුබෙයි පළාතේ පිහිටි වූහාන් නරගයයි.
කෙටි කලක් තුළ ලොව පුරා ව්‍යාප්තවූ එම වෛරසයෙන් මේ වන විට 64,000කට අධික පිරිසක් මියගොස් තිබේ.
කෙසේ නමුත් වූහාන් නගරයද ඇතුළුව චීනය මේ වන විට වෛරසය පැතිරීම පාලනය කිරීමට සමත්වී සිටියි.
මේ අතර වෛරසයෙන් මියගිය පුද්ගලයන්ට වූහාන් වැසියන් පසුගියදා පුෂ්පෝපහාර පුදකළේය.
වෛරසය ආසාදනයවීමෙන් මියගිය සෞඛ්‍ය සේවකයන්ද එහිදී සිහිපත් කර තිබුණි.
කොවිඩ් 19 වෛරසයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කෙරුණු ඊයේ පෙරවරු 10ට වූහාන් නගරයේ සියළුම මාර්ග සංඥා පුවරුවල රතු පැහැති එළි දල්වා තිබූ බවත් විදෙස් වාර්තාවල සඳහන්ය.
එමෙන්ම දුම්රිය, නාවික යාත්‍රා ඇතුළු සියළුම රථවාහනවල නලා නාද කරමින් මියගිය පුද්ගලයන් සිහිපත්කොට තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...