කොවිඩ් 19 වෛරසය මව්කිරි මගින් ආසාදනය වන බවට මෙතෙක් සොයා ගෙන නොමැති බැවින් වෛරසය ආසාදනය වී ඇති ගර්භණී කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව එම දරුවාට අඛණ්ඩව මව්කිරි ලබා දීමට ඇයට හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කරයි.
මෙහිදී මව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තම දරුවාට මව්කිරි ලබා දිය යුතු බැවින් රෝහල් කාර්ය මණ්ඩලය ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන බවට ඇය පැවසුවාය.
මව්කිරි තුළ ප්‍රතිශක්තිය ඇතිකිරීමේ ගුණය පවතින බැවින් දරුවා වෛරසයෙන් ආරක්ෂා වීමට එයම හේතුවක් වන අතර මවගේ ශරීරයට වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඇයගේ සිරුරේද වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ නිපදවීම ආරම්භ වීම ද දරුවා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට තවත් හේතුවක් බව අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...