ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (06) පැවැති සාකච්ජාව පැය 2ක් පුරා පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ජාවට ප්‍රේමදාස මහතා සමග රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගීව සිටි අතර ආණ්ඩුව පාර්ශ්වයෙන් ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඉහළ පෙළේ අමාත්‍යවරුන් සහභාගී වී තිබේ.
ඒ් අතර බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, නිමල් සිරිපාලද සිල්වා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ද සිට ඇත.
කෙසේවෙතත් මෙම සාකච්ජාවෙදී ප්‍රේමදාස මහතා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඒ සෑම යෝජනාවක්ම එකින් එක ගෙන සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ ප්‍රධානීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පසුව නිවේදනයක් නිකුත් කිරීමටද දෙපාර්ශ්වය එකගතාව පළ කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...