අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අද(15) වන දා සිට අරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අභයවර්ධන මහතා ලංකා ලීඩ් නිවුස් වෙත ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර පැවත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින් ගෙන් කොටසක් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට කැමැත්ත පළකර තිබෙන බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
එම අත්සන් ලබාගත් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් 54 දෙනාගේද අත්සන සහිතව මෙම විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට භාරදීමට ක්‍රියාකරන බවද වැඩිදුරටත් අදහස්දැක්වූ මහින්ද යාපා අභයවර්ධන මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...