උද්ගතව ඇති තත්ත්වය හමුවේ දේශපාලකයන් ජනතා සේවය සිදු කරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරණයේ නිරත වන බවට මැතිවරණ කොමිෂන් සභාව සිදු කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අද ප්‍රතිචාර දක්වමින්.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබුණි.
එමඟින් ඔහු දන්වා තිබුණේ මහමැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් රට තුළ පවතින වාතාවරණය හමුවේ ජනතාවට භාණ්ඩ බෙදා හැරීමේ මුවාවෙන් සිය අපේක්ෂකත්වය සහ පක්ෂය ප්‍රවර්ධන කිරීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින බවයි.
ඊට අමාත්‍යවරයා අද ප්‍රතිචාර දැක්වූයේ කොවිඩ් – 19 ආසාදිතයන් බවට සැකකෙරෙන රෝගීන් අධීක්ෂණය කෙරෙන හෝමාගම මූලික රෝහලේ නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේදී.
එහිදී අමාත්‍යවරයා රෝහලට වායු සමන යන්ත්‍රයක්ද ප්‍රදානය කළේය.
“අපි මෙතැනදී කරන දේශපාලනයක් නැහැ. අපි කරන්නේ සමාජ යුතුකමක් !”- සහන සැලසීමේ මුවාවෙන් දේශපාලනය කරන බවට මැ.කො. කරන චෝදනාවට විමල්ගෙන් සැර උත්තරයක් !
Gepostet von Wimal weerawansa am Montag, 6. April 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
රාජ්‍ය යාන්ත්‍රණය හරහා ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින බව රජය ප්‍රකාශ කළද දිවයිනේ බොහෝ ප්‍රදේශවල එම යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ සෘජු මැදිහත්වීම මතයි. ජනතාව පවසන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම ද පොහොට්ටුකරණයට ලක්ව ඇති බවයි.
පානදුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම පානදුර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී ලලිත් ප්‍රනාන්දු මහතා සියතට ගෙන ඇති අතර මේ වනවිට පානදුර ගොරකපොළ කුමාරතුංග මාවතේ පිහිටි ඔහුගේ නිවස අත්‍යවශ්‍ය භාණ්ඩ විකුණන ව්‍යාපාරික ස්ථානයක් බවට පත්ව තිබේ. ඒ සඳහා ඔහුගේ සොයුරු, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනේත්‍රලාල් ප්‍රනාන්දු මහතා මෙන්ම පානදුර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුද මැදිහත්ව සිටී.
මේ සම්බන්ධයෙන් පානදුර පොලිස් අධිකාරීවරයා, පානදුර උතුරු පොලිස් ස්ථානාධිපතිවරයා, පානදුර ප්‍රාදේශීය ලේකම්වරිය දැනුවත් කර ඇතත් ඔවුන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි ජනතාව පවසන්නේ.
මෙම තත්වය හේතුවෙන් ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරුන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.