දේශීය පුවත්

ඉදිරි පාළාත් පාලන මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පිටු798 කින් සමන්විත සමස්ත පළාත් සභා සීමා නීර්ණය කිරීමේ පනත මේ මස 22 වැනිදා දවසපුරා පාර්ලිමේන්තුවේදී විවාද කර 3/2 ක බහුතරයකින් සම්මත කර ගැනීමට නියමිතයි.

නමුත් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට සභිකයින් පත්කිරීම නිසා මතුවී තිබෙන ගැටළු හේතුකොටගෙන පළාත් සභා මැතිවරණයපැරණි මනාප ක්‍රමයට පැවැත්විය යුතු බවට මේ වන විට දේශපාලන පක්ෂ රැසකින්ම යෝජනා ඉදිරිපත්වී තිබෙන බවද වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනුයේ 60% ක් කේවල සහ 40% ක් සමානුපාතික ක්‍රමයටය. පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට අනුව 50% ක් කේවල ක්‍රමයට සහ 50% ක් සමානුපාතික ක්‍රමයට යෝජනාකර තිබේ.

මේ අනුව පළාත් පාලන මැතිවරණයේ සභිකයින් තෝරාපත්කරගත් ආකාරයටත් වඩා ව්‍යාකූලත්වයක් පළාත් සභා නව මැතිවරණ ක්‍රමයෙන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා එම ගැටළු නිරාකරණය කරගන්නාතුරු පැරණි මනාප ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දේශපාලන පක්ෂ කිහිපයකම එකඟතාවය පළකර තිබෙන බව ආණ්ඩුව නියෝජනය කරනු ලබන ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය.

මෙම සීමා නීර්ණය කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ 3/2 ක බහුතරයක් ලැබෙන අවස්ථාවක මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට කටයුතු කරන බවද එම කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More