ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් සතියකට වැඩි කාලයක් තිස්සේ රටේ තිබෙන සියළුම PCR යන්ත්‍ර මධ්‍යගත පරිපාලන යාන්ත්‍රණයකට යටත් කොට පරීක්ෂණ වැඩි කළ යුතු බවට ප්‍රභල මතයක් ඉදිරිපත් කළ අතර ඊට මහජනයාගෙන් මෙන්ම විද්වතුන්ගෙන්ද ඉහළ ප්‍රශංසා හිමි විය.
දැනට ඔත්තු සේවා විසින් සොයා ගෙන ඇති 43,000 ක් වන සමාජයේ වෙසෙන සහ නිරෝධායනයට ලක් වූ සැක කටයුතු පිරිස් අවම වශයෙන් දින 14 ක් තුල පරික්ෂා කොට අවසන් කිරීමට නම් දිනකට පරීක්ෂණ 3000 ක් වත් කළ යුතුය.
නමුත් දැන් කරන්නේ 200 ක් පමණි. මෙතෙක් මේ පිළිබඳ වචනයක් කථා නොකළ අයට මෙම ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව සහ මානසික සූදානම්කම තිබේදැයි ලංකා ලීඩ් පර්යේෂණ අංශය ජනතාව වෙනුවෙන් අවධියෙන් සිටියි.
මූලාශ්‍ර – sinhala.adaderana.lk
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...