ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මුළු විපක්ෂයම තමන්ගේ කාර්යය නිසි පරිදි ඉටු නොකරන බව මහජන රාජ්‍ය සභාවේ විධායක සභික ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.
ආචාර්ය ගුණදාස අමරසේකර,
“විජාතිකයින් විසින් ඇති කරන විජාතිකයින්ගේ වුවමනාවට කටයුතු කරන මේ රජයට මේ වුණු දේ ලොකු ආශිර්වාදයක් විදියට අපි දකින්නේ. රටට හානිකර, විජාතිකයින්ට අවශ්‍ය , මේ රට අස්ථාවර කරන විශාල පනත් කිහිපයක් හොර රහසේ මේ කලබල යන අස්සේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න හැකි වුණා. විපක්ෂයේ කාර්‍යය නිසිලෙස සිදුවෙන්නේ නෑ. කතානායක සම්මත කරන්න කිව්වම කට වහගෙන ඉන්නවා. අඩුම ගානේ ඒ වෙලාවේ නැගිටලා තොපි අපිට මේකට කතා කරන්න දෙන්නේ නැත්නම් අපි මේකට විරුද්ධයි කියලාවත් කියන්න එපැයි. ඒ කිසි දෙයක් නෑ. ඒ චෝදනාව ඒකාබද්ධ විපක්ෂයට එල්ල කරන්න ඕනේ.”
මහාචාර්‍ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි,
“අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත සම්මත කරලා මේ දේශද්‍රෝහී ක්‍රියාවට සම්මාදන් වුණු එක ගැන ආණ්ඩු පක්ෂයටත්, විපක්ෂයටත් අපේ දැඩි අප්‍රසාදය පළ කර සිටිනවා. ඒනිසා දැනට ඉල්ලා සිටිනවා කරූ ජයසූරිය ගරු කථානායකතුමාගෙන් මේ පනතට අත්සන් කරන්නෙපා, ඒවගේම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙය අහෝසි කරන්න ගතහැකි කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් ඒ සියළු ක්‍රියාමාර්ග ගන්නා හැටියටත් , මේ අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනතත්, ඊට අදාළ කාර්‍යාලයත් සම්පූර්ණයෙන්ම රටෙන් ඉවත් කරලා, මේක සම්පූර්ණයෙන්ම් රටේ නොවූ ආකාරයෙන් කටයුතු අරන්න කියලා. ඒවගේම තමන්ගේ ජීවිත පූජා කරමින් මේ රට බේරාගත්ත රණවිරුවන්ව දඩයම් කරන මේ නිහීන ක්‍රියාවලිය නවත්වන ලෙස විශේෂයෙන්ම ඉල්ල සිටිනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...