එක් කොරෝනා ආසාදිතයකුගෙන් පුද්ගලයින් 512 දෙනකුට රෝගය පැතිරයා හැකි බැවින් රෝගය පැතිරයාම වැළැක්වීමට ඉදිරියේදී රට තුළ කඩාපනින මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට සිදුවිය හැකියැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරයි. එහිදී සැකසහිත පුද්ගලයින් සොයාගොස් ඔවුන්ගේ රුධිර පරීක්ෂාවන් සිදුකරනු ලබන බව හෙතෙම සඳහන් කළේය.
රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා නිවසින් එක් පුද්ගලයකු පමණක් පිටත යන ලෙස උපදෙස් දුන්නද එය නිසිලෙස ක‍්‍රියාත්මක නොවන බව පැවසූ විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රට තුළ විශාල පිරිසක් ආසාදනයට ලක්වුවහොත් එය බරපතල තත්ත්වයක් බවත් එම අවස්ථාවට පත්වීමට පෙර දැඩි පියවර සඳහා යොමුවිය යුතුව ඇතැයිද කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...