දේශීය පුවත්

කොරෝනා අසාදිතයන් හඳුනා ගැනීම සදහා සිදු කරනු ලබන රසායනාගාර පරීක්‍ෂණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
ඒ සදහා දැනටමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු ඊයේ (06 වැනිදා) දිනයේදීද හඳුනාගනු ලැබූ අතර ඒ අනුව සමස්ත රොගීන් සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසූ අනිල් ජාසිංහ මහතා ඉදිරි දිනවල පවතින අවදානම් සහිත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය නිසි පරිදි පවත්වාගෙන යෑම ඉතාම වැදගත් වන බවද කීය.

කොරෝනා මර්ධන මධ්‍යස්ථානයේදී ඊයේ (06 වැනිදා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.

වෛරසය අසාදනය වී ඊයේ හදුනාගත් රෝගීන් දෙදෙනා අතරින් එක් පුද්ගලයකු ජාඇළ ප‍්‍රදේශයේ ති‍්‍රරෝද රථ රියැදුරකු බවද කී අනිල් ජාසිංහ මහතා ඔහුට විශාල සබඳතා ජාලයක් තිබී ඇති අතර මේ වන විට කරුණු විමසමින් ඒ පිළිබඳ සොයා බැලීම ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.

හඳුනාගත් අනිත් රෝගියා පුත්තලම ප‍්‍රදේශයේ කාන්තාවක් බවද ඒ මහතා පැවසීය.

පසුගිය සති කිහිපය පුරාම ජාත්ක සංවිධාන ඇතුළු වි්ද්වතුන් විසින් කොරෝනා වෛරසය මර්ධනය සඳහා රසායනාගාර පරීක්‍ෂණ කටයුතු තවදුරටත් පුළුල් කළ යුතු බවට රජය ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන් දැනුවත් කළ අතර අතිගරු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත පස් වැදෑරුම්  උපායමාර්ගික යෝජනාවලියක්ද ඉදිරිපත් කරන ලදි.

සබැඳි පෙර පුවත් – 

ජාතික සංවිධාන විද්වත් කමිටුවකින් ජනපතිට පස්වැදැරුම් උපාය මාර්ගයක් යෝජනා කරයි

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More