බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට(07) යෙදී තිබේ.
ශ්‍රී ලංකා ද්වීපය දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අදවැනි පොහෝ දිනකයි.
චූලෝදර මහෝදර නාගගෝත්‍රිකයින් මිණි පළඟක අයිතිය වෙනුවෙන් සිදු කිරීමට ගිය සටනින් සිදුවීමට ගිය විනාශය වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අදට යෙදී ඇති බක් පුර පසලොස්වක පොහොය දිනයේදී නිවෙස් තුළම රැදී සිට ආගමික වත්පිළිවෙත් සිදුකරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම මත මෙම තීරණය ගෙන ඇති බවයි.
බක් පුර පසලොස්වක පොහොය දිනයේ ඇති වැදගත් කම මැනවින් වටහා ගනිමු! – රාජකීය පණ්ඩිත පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි ලංකා ලීඩ් නිව්ස් සමග ඉදිරිපත් කරන පෝදා දහම් පඪුර – (බක් පොහෝය ගැන පෙර කළ වීඩීයෝවක් බව කරුණාවෙන් සළකන්න)
බක් පුර පසලොස්වක පොහොය දිනයේ ඇති වැදගත් කම මැනවින් වටහා ගනිමු! Dehepe Chandawemala Himi
බක් පුර පසලොස්වක පොහොය දිනයේ ඇති වැදගත් කම මැනවින් වටහා ගනිමු!Dehepe Chandawemala Himi
Gepostet von Lanka Lead News am Donnerstag, 18. April 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...