අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් ඔවුන් සිදු කරන්නේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකර එහාට මෙහාට වන වනා සිටීම පමණක් බවත් පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසුවේය.
ඒකාබද්ධ විපක්ෂය කෙතරම් කෑගැසුවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඔවුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව තමා දැඩි විශ්වාසයකින් ප්‍රකාශ කරන බවද කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය සති ගණනාවක් තිස්සේ ප්‍රකාශ කරන බවත් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකර ඊට විවිධ හේතු ඉදිරිපත් කිරීමෙන්ම මෙය හාස්‍යයට ලක්වන කරුණක් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන බංකොලොත් භාවයද මෙමඟින් පෙන්නුම් කරන බවත් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...