ශ්‍රී ලංකාවේ අංක එකේ දැවැන්ත සමාගම් රැසක්ම මේ වනවිට කොරෝනා අර්බූදය මුල්කරගෙන සිය වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීන්දු කර තිබේ.
ඒ අනුව සොෆ්ට්ලොජික්, ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් ඇතුලු ප්‍රධාන පෙළේ පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් රැසක්ම සිය සේවකයන්ගේ වැටුප් කපා හැරීමේ සිට දැඩි තීන්දු ගණනාවක් ගැනීමට පියවර ගෙන ඇත.
එහි නවතම සමාගම බවට පත්වෙමින් සොෆ්ට්ලොජික් සමාගම අද (08) දිනයේදී සිය සේවකයන්ගේ වැටුප් අඩු කිරීම සහ අතිරේක දීමනා සියල්ල අත්හිටුවන බවට වූ නිවේදනයක් නිකුත් කොට ඇත.
මීට පෙර ජෝන් කීල්ස් සහ බ්‍රැන්ඩික්ස් යන සමාගම්ද මෙලෙස වැටුප් කප්පාදුවකට යන බවත්, දීමනා සියල්ල අත්හිටුවන බවටත් නිවේදනය කිර තිබිණ.
මීට අමතරව ලංකාවේ දැවැන්තම මුද්‍රිත ආයතනයක්ද පසුගිය සතියේ සිය සේවකයන්ට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වැටුප් කප්පාදුවක් මෙන්ම දීමනා සියල්ල අත්හිටුවීමට තීන්දු කර ඇති බවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...