නව කොරෝනා වසංගතය පාලනය කිරීමත්, එහිදී පැනනඟින සෘණාත්මක බලපෑම් අවම කිරීමත් අරමුණු කරගනිමින් යුරෝපා සංගමය හා එහි සාමාජික රටවල් සෙසු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ද එක්ව මේ වන විට විශාල පරිශ්‍රමයක් දරමින් සිටී. වසංගතයට කල්තබා සූදානම් වීමත්, ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමත් ඊට අයත් වන අතර වසංගතයට එරෙහිව සිදුකරන වෛද්‍ය පර්යේෂණ සඳහා සහාය දක්වමින් කොවිඩ්-19 සඳහා සුදුසු ඖෂධයක් නිපදවා ගැනීමත් එහිලා මුල්තැනක් ගනී.
මේ අතර ශ්‍රී ලංකාව තුළින් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදනය වූවන් ප්‍රමාණය ඉතා අවම අගයයක් ගනී. එය දැනට ප්‍රශංසනීය තත්ත්වයකි. මෙම වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ප්රයත්නයන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍ර සඳහා උපකාර කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා යූරෝ මිලියන 2ක් වටිනා වෛද්‍ය උපකරණ හා සැපයුම් මෙරටට සැපයීමටත්, මෙරට වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් වැඩිදියුණු කිරීමටත් යුරෝපා සංගමය කටයුතු කරනු ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශයට ද යූරෝ මිලියන 16.5ක ප්‍රතිපාදන හිමිවීමට නියමිතය. මන්ද යත් මෙම දුෂ්කර කාලසීමාවේ දී විවෘත වෙළෙඳ කටයුතු පවත්වාගෙන යෑමත්, සැපයුම් දාම ආරක්ෂා කරගැනීමත් (විශේෂයෙන්ම ජනතාවගේ සෞඛ්‍ය හා කෘෂිකර්ම අංශවලට අදාළව), ජනතාවගේ යහපත උදෙසා අත්‍යාවශ්‍ය සාධකයක් වී තිබේ.
ග්‍රාමීය ප්‍රදේශවල පුද්ගල ප්‍රාග්ධන සංසරණය වර්ධනය කිරීම සහ ඌව හා මධ්‍යයම පළාත්වල කුඩා ව්‍යාපාර හිමියන්ට සහ සේවකයන් සහාය වීම මෙම ප්රදානය මගින් අපෙක්ෂිත තවත් අරමුණකි. තවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ද යූරෝ මිලියන 3.5ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය කැමත්ත පළකොට තිබේ. මෙරට සංචරක කර්මාන්තයේ නියැළී සිටින කුඩා පරිමාණ ව්‍යාපාරවලට සහ ඒවායේ සේවකයින්ට ඉන් වැඩි ප්රතිලාභ අත්වනු ඇත. මෙම ප්‍රතිපාදන අතුරින් සමහරක් වහාම ලබාදීමටත්, තවත් කොටසක් වසරේ ඉතිරි කාලසීමාවේ දී හා ඉන් ඉදිරියේ දී ලබාදීමටත් පියවර ගැනෙනු ඇත.
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල මෙරට තානාපතිවරුන් ඇතුළු යුරෝපා සංගම් දූත පිරිසක් සහ අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අතර අප්‍රේල් 08 වැනිදා පැවති හමුවක දී මේ පිලිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. එම සාකච්ඡාව අතරතුර දී ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම යුරෝපීය සංචාරකයින්ගේ ද ආරක්ෂාව හා යහපත වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දක්වන සහයෝගය පිළිබඳව ද දූත පිරිස තම ප්‍රසාදය පළ කර සිටියහ.
එහිදී ඉහත කී තානාපතිවරු සහ යුරෝපා දූත කණ්ඩායම වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේය. “මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අවම කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව පිළිබඳ අපි ඉතාම සතුටට පත්වෙනවා. මේ ප්රයත්නයට සහයෝගය දිය හැකි හොඳම ක්‍රමවේද පිළිබඳව යුරෝපා සංගමයත් එහි සාමාජික රටවලුත් සොයා බලනවා. කොවිඩ්-19 වසංගතයට එරෙහි ගෝලීය සටන සහ ඉදිරියේ දී මතුවන අභියෝග ජයගැනීම වෙනුවෙන් දැනටමත් යූරෝ බිලියන 15.6ක් යෙදවීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසය පැරදවීම සේම ඉන් මිනිස් සංහතියටත්, ආර්ථිකයටත් ඇතිවන අනිටු ප්‍රතිඵල ද පරාජය කළහැක්කේ අපි සියලුදෙනාම එකට එක්ව කටයුතු කිරීමෙන් පමණයි“.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...