දේශීය පුවත්

ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝ රෝගීන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වීම නොවැළැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

”වෛරසය ආසාදිතයන් හදුනා ගැනීමට පරීක්ෂණ වැඩි කරන්නයි ලබාදුන් උපදෙස් නොතකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම නිසා වෛරස ව්‍යාප්තිය 04වන අදියරට පැමිණ සමාජය කරා පැතිරීම දක්වා ව්‍යාප්ත වනු ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

පලමු කොරෝනා රෝගියා මෙරටින් වාර්තා වූ අවස්ථාවේදීම ඉදිරියේදී රෝගීන් වර්ධනයක් ඇතිවන බැවින් පරීක්ෂණ වැඩි කළ යුතු බව පෙන්වා දුන් නමුත් ඒ පිලිබඳ උනන්දුවක් බලධාරීන් නොදැක්වීම නිසා කොරෝනා වෛරසය දරුණු අන්දමින් සමාජය ගිලගැනීමේ අවධානමක් පවතින බවද ඔහු පැවසීය.

ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිනකට 1500ක් පමණ සිදු කළ යුතුව ඇතත් දැනට සිදු කරන්නේ පරීක්ෂණ 300ක් පමණ යැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

 

සබැඳි පෙර පුවත් –

ශ්‍රී ලංකාව සිටින්නේ වසංගතයේ තුන්වන අවධියේ නම් භයානක හතරට යාමට පෙර පාලන උපාය මාර්ග වෙනස් කළ යුතුය – ජාතික සංවිධාන

 

දැනට ශ්‍රී ලංකාව සතු පරීක්ෂණ පහසුකම් උපරිමයෙන් භාවිතා නොකිරීම කාගේ වරදක්ද? – ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More