මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබූ ලිපි 2කට පිළිතුරු ලිපි යැවීමට ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා පියවර ගෙන ඇත.
මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපි ඉකුත් මාර්තු 31 සහ අප්‍රේල් 01 යන දෙදින තුළ යොමු කර තිබූ අතර ජනාධිපති ලේකම්වරයා ඊට පිළිතුරු ලබා දී ඇත්තේ දින 6ක් ඉක්ම යාමෙන් අනතුරුවය.
කෙසේවෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලීමක් කර තිබුණද ජනාධිපති ලේකම්වරයා සිය ලිපිය මගින් දැනුම් දී ඇත්තේ එවැනි මත විමසුමක් කිරීම අනවශ්‍ය බවත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවත්ය.
එම නිවේදනය මෙසේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...