දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමති මහින්ද රාජපක්‍ෂ මහතා රැවටූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පෙන්වා දෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් මිස වසංගත රෝග විශේෂඥයන් නොවන බවය.

කොළඹ ජාතික උණ රෝහලේ හා වසංගත රෝග විශේෂඥයන්ගෙන් තොරතුරු සොරා ගෙනගොස් එම සංගමය විසින් ජනාධිපති හා අගමැති රවටා ඇති බවට ඔහු චෝදනා කරයි.

කොරෝනා මර්ධන කාර්ය ඒ සදහා වූ වසංගත රෝග විශේෂඥයන්ට බාර දී රජයේ වෛද්‍ය නිලධාරීන් තමන්ට අයත් කාර්යක් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ‌මෙම ‌චෝදනාව එල්ල කිරීමට ‌බෙල්ලන මහතා පියවර ගත්තේය.

කෙසේ වෙතත් ජාතික සංවිධාන විද්වත් කමිටුව විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත්කරන ලද උපායමාර්ගික සැලැස්මට අනුව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පරීක්ෂණ වැඩි කළ යුතුය යන මතයේ සිටිමින්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පසුගිය දින කිහිපය පුරා රජය මෙන්ම කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විතයද දැනුවත් කළේය.

 

සබැඳි පෙර පුවත් – 

කොරෝනා පාලන වැරදි නිවැරදි කරගැනීම සඳහා ජාතික සංවිධාන වලින් දීර්ඝ උපාය මාර්ගික පැහැදිළි කිරීමක්

 

වහාම ආරක්ෂාකාරී ප්‍රවේශයෙන් ප්‍රහාරාත්මක ප්‍රවේශයට යා යුතුය. දිනකට ස්ක්‍රීන් පරීක්ෂණ 5000 – 10,000 කිරීමට සිදුවනු ඇත – ජාතික සංවිධාන විද්වත් කමිටුවකින් ජනපතිට පස්වැදැරුම් උපාය මාර්ගයක් යෝජනා කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More