විදේශ පුවත්

ඉන්දියානුවන් තම නිවෙස් වලින් පිටතට පැමිණ අත්පොලසන් දීම මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හට කෘතඥතාව පළ කිරීමක් පසුගියදා වාර්තා විය. කෙසේ වෙතත් මෑත කාලයේ රට පුරා වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට එරෙහි පහරදීම් මාලාවක්ද ඉන්දියාවෙන් අසන්නට ලැබුණි.

මධ්‍ය ප්‍රදේශ්හි සේවය නිමවී නිවෙස් කරා යන වෛද්‍යවරුන් දෙදෙනකුට පොලිස් නිලධාරීන් විසින් පහර දුන් පුවතක් හා දිල්ලියේ නිරෝධායනය යටතේ රඳවා ඇති පුද්ගලයන් පිරිසක් විසින් කාන්තා හෙදියන් ලිංගික අපයෝජනය කරන ලද පුවතක් මේ අතර වැඩි අවධානයට ලක් වී තිබේ.

තමා ආරක්ෂාවට නීති සම්පාදනය කරන ලෙස ඉල්ලා පසුගිය බ්‍රහස්පතින්දා වෛද්‍යවරුන් ගෙන් සමන්විත නියෝජිත මණ්ඩලයක් විසින් ස්වදේශීය කටයුතු අමාත්‍ය Amit Shah වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මාර්තු 19 ජනතාව අමතා කළ ප්‍රකාශයක දී ඉන්දියානු අගමැති Narendra Singh Modi විසින් වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ සනිපාරක්ෂක සේවකයින් විශේෂ ඇගයීමකට ලක්කරන ලදී. ඔහු තවදුරටත් ගුවන් සේවකයන්, රාජ්‍ය සේවකයන්, පොලිස් නිලධාරීන්, මාධ්‍යවේදීන්, දුම්රිය-බස්-ඔටෝ රික්ෂෝ සේවා වලට සම්බන්ධ පුද්ගලයන් හා භාණ්ඩ නිවෙස්වලට බෙදාහරින්නන්ද පරාර්ථකාමීව අන් අයට කරන සේවාව අගය කරමින් කතා කරන ලදී.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 5095 වාර්තා වී ඇති අතර 166 දෙනෙකු මියගොස් ඇත.

මූලාශ්‍ර
sputniknews.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More