කොවිඩ් – 19 වෛරසය දේශපාලනීකරණය නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. මීට දින දෙකකට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට හිතවාදී අයුරින් කටයුතු කරන බව පවසමින් බරපතළ චෝදනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට එල්ල කළේය. එහිදී ට්‍රම්ප් විසින් තර්ජනය කරමින් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් – 19 වෛරසය පිළිබඳ සැබෑ තොරතුරු වසන් කළ බවත් ඊට ලබා දෙන අරමුදල් අත්හිටුවීමට කටුයතු කරන බවත්ය.
මීට පිළිතුරු ලබාදෙන ටෙඩ්‍රොස් ඇඩනොම් පවසන්නේ “අපි සෑම ජාතියකටම සමීපයි. අපි වර්ණ අන්ධයි. (we are colour blind)” යනුවෙනි.
පසුගිය අඟහරුවාදා දිනයේ ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය විවේචනය හමුවේ අවධාරණය කර සිටියේ “ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය ප්‍රමුඛතා හඳුනා ගත යුතුය” යනුවෙනි. එක්සත් ජනපදය විසින් සංවිධානය දිගටම දායක මුදල් ලබා දෙන්නේද යන්න පිළිබඳව අධ්‍යයනයක් සිදු කරන බවද ඔහු සඳහන් කළේය. ඊට සමගාමීව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෙන්ද පෙරේදා දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අරමුදල පිළිබඳව නැවත ඇගයීමක් සිදු කරමින් සිටින බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ උපදේශකයකු මීට පෙර කියා සිටියේ රෝගයේ මුල් අවදිය අවබෝධ කර ගැනීම සඳහා චීනයම සමග සමීපව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට පහර එල්ල රකන්නේ ඔහුගේම පරිපාලනය විසින් ජනාධිපතිවරයා විසින් වසංගතය හැසිරවීම පිළිබඳව විවේචන එල්ල කරන පසුබිමක් තුළය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...