දේශීය පුවත්

සමාජය තුල සිටින රෝගය බෝ කළ හැකි බවට සැක කටයුතු සියළු පිරිස් පරීක්ෂණ වලට භාජනය කළ යුතු බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජාතික සංවිධාන විසින් පසුගිය සති 2 කට ආසන්න කාලය තුල ප්‍රභල ඉල්ලීමක් ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. ලංකා ලීඩ් ඊට අදාළ තොරතුරු මහජනයාට ලබාදීම සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙන ලදී.

නමුත් සෞඛ්‍ය අංශ සඳහන් කළේ ” සියළු දෙනා අවශ්‍ය නැහැ. පළමු පෙළ ස්පර්ශකයින් 3500 පරික්ෂා කිරීම පමණක් සෑහේ ” යනුවෙනි. එම පිරිසද මේ වන විට පරික්ෂා කොට අවසන් වී නැත.

ජනගහණයෙන් මිලියනයක් සඳහා කියුබාව පරීක්ෂණ 850ක් සිදු කරන විට ශ්‍රී ලංකාව තවම සිදු කරන්නේ 152කි. (ලංකා ලීඩ් මීට පෙර වාර්තා කරන ලදී) කෙසේ වෙතත් දැන් විශේෂඥ වෛද්‍යවරුන් සහ ජනාධිපතිවරයා අතර පැවැත් වූ සාකච්ඡාවේදී පරීක්ෂණ තව දුරටත් වැඩි කළ යුතු බවට තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ජාතික සංවිධාන විසින් ඉදිරිපත් කළ පස්වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශයට ජනාධිපතිතුමා අවධානය යොමු වී ඇති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විශ්වාසය පළ කරයි.

සබැඳි පෙර පුවත් –

වහාම ආරක්ෂාකාරී ප්‍රවේශයෙන් ප්‍රහාරාත්මක ප්‍රවේශයට යා යුතුය. දිනකට ස්ක්‍රීන් පරීක්ෂණ 5000 – 10,000 කිරීමට සිදුවනු ඇත – ජාතික සංවිධාන විද්වත් කමිටුවකින් ජනපතිට පස්වැදැරුම් උපාය මාර්ගයක් යෝජනා කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More