විදේශ පුවත්

රුසියානු දේශ සීමාව තුළ COVID-19 වෛරසය මැඩලීම වෙනුවෙන් රුසියානු රජය ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 09 වන දා වනවිට රුසියානු වෛද්‍යය අංශ විසින් COVID-19 ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ලක්ෂ අටක් කර ඇති බව වාර්තාවේ. එහි ප්‍රතිඵලයක් ලෙස  වෛරසය ආසාදිතයින් 10131 දෙනෙකු සොයා ගැනීමට රුසියානු වෛද්‍යය අංශ සමත්ව ඇති බව එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙයි.

වෛරසය ආසාදනය හේතුවෙන් මිය ගිය ගණන 78ක් ලෙස වාර්තා වන බව වාර්තා පෙන්වා දෙයි. වෛරස ආසාදනය රුසියාව තුළ පැතිරීම ආරම්භ වූ දින සිට එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වූ 1459 ද වැඩිම වෛරසය ආසාදිත මරණ ගණන වූ 13ද ඊයේ(09 ) දිනයේදී වාර්තා වී තිබුණි.

එසේම ඊයේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල් වලින් පිටවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 700ක් ලෙස සටහන් වී තිබේ. රුසියාව තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ  6698 සහ වැඩිම මරණ සංඛ්‍යාව වූ 38 වාර්තා වන්නේ මොස්කව් නුවරිනි.

රුසියාවේ සියළු ගුවන් තොටුපලවල් පසුගිය මාර්තු 20 වෙනිදා සිට වසා දැමුණු අතර අප්‍රේල් 4 වෙනිදා දක්වා රුසියාවෙන් පිටත සිටි රුසියානුවන් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් රාජ්‍යය අනුග්‍රහය සහිතව රුසියාව තුළට රැගෙන ඒම සහ එසේ පැමිණිනු අය නිරන්තර වෛද්‍යය පරීක්ෂණ වලට භාජනය කිරීමත් රෝග වාහකයන් ඇසුරු කළ පිරිස ඉහළ අගයක් ගැනීමත් COVID-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමට බල පෑ ඇති බව රුසියාවේ COVID-19 වෛරසය මර්ධන මධ්‍යස්ථානය පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More