නිරෝධායනයට ලක් වූ සියළු පුද්ගලයින් නිදහස් කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කළ යුතු බවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කොට ඇති බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ගවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ දැනටමත් එම උපදේශය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බවයි. ඊට අමතරව රට තුලින් නිරෝධායනයට ලක් කළ 1500 කට ආසන්න පිරිසෙන් පළමු පෙළ ස්පර්ශකයින් PCR පරීක්ෂණයට ලක් කරන බවද ඒ මහතා විසින් සඳහන් කරනු ලැබීය.
පසුගියදා පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් රෝගීන් 16 දෙනෙකු සොයා ගනු ලැබුවේ හමුදාපතිවරයාගේ තීන්දුවක් අනුව බව මීට පෙර ලංකා ලීඩ් විසින් වාර්තා කරනු ලැබීය. කෙසේ වෙතත් මීට පෙර නිරෝධායනයෙන් නිදහස් වූ 3500 ක් පමණ PCR පරීක්ෂණ වලට ලක් වූයේ නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...