ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ අතර අද දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව වෛරසයෙන් පූර්ණ සුවය ලබා පිටත්ව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 50 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 133 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඒ අනුව අයි.ඩී.එච් රෝහලේ රෝගීන් 89 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් 17 දෙනෙකු සහ මුල්ලේරියාව රෝහලේ රෝගින් 27 දෙනෙකු ප්‍රතිකාර ලබන බව සඳහන්.
මීට අමතරව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 224 දෙනෙකු වෛද්‍යා අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...