මේ, කොරෝනා වසංගතය නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්න මොහොතක්. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකය පුරාම ගොඩක් රටවල් මේ වෙද්දි හුදකලා කරලයි තියෙන්නේ. ඒ කියන්නේ ලොක්ඩවුන් කරලා.
ඒ නිසාම ලංකාවට ඇඳිරි නීතිය දාලා අදට හරියටම සති තුනක්. ගෙදරින් එළියටවත් බහින්නේ නැතුව ඉන්න එක තමයි මේ වෙලාවේ තියන අමාරුම දේ කියලා කෙනෙක්ට හිතුනට එදා වේල දරුවන්ගේ බඩගින්න නිවන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව අසරණ වුන අම්මලා තාත්තලා ගොඩක් මේ මොහොතේ ඉන්නවා.
මේ ඉන්නෙත් එහෙම තාත්තා කෙනෙක්. දකින ඕනම කෙනෙක්ගේ හිතක් දියකරලා දාන්න පුළුවන් විදිහේ තාත්තා කෙනෙක්. මේ වෙලාවේ එදා වේල හම්බකරගෙන කාපු ගොඩක් අම්මලා තාත්තලා මේ තාත්තා වගේම අසරණ වෙලා ඇති. හැබැයි මනුස්සකම් දන්න අපේ මිනිස්සු ගොඩක් දෙනෙක් මේ අසරණයන්ගේ පිහිටට එනවා මේ දවස්වල අපිට නිතරම දකින්න ලැබෙනවා. සමහරවිට මේ එතනින් මගහැරුණු තාත්තා කෙනෙක් වෙන්නත් පුළුවන්.
කෑම බීම මොහොතකට අමතක කරන්න. කොරෝනාවලින් බේරෙන්න හැමෝම පුළු පුළුවන් විදිහට මාස්ක් එකක් හොයාගෙන දාන කාලෙක බලන්න ඒ තාත්තගේ මාස්ක් එක දිහා. කන්න අරගෙන යන කෑම දිහා. එතනින් එහාට ඒ ගැන දෙයක් කියන්න තරම් අපේ හිත හයිය නෑ. ඉතිරිය ඔබට බාරයි.
අවසාන වශයෙන් අපිට ඔබෙන් කරන්න තියෙන්නේ එකම එක ඉල්ලීමයි. මේ වෙලාවේ අපිට වැදගත්ම දේ මනුස්සකමයි. ස්වභාවධර්මයෙන් අපිට මේ ලැබුණු අභියෝගය ජයගන්න තියන එකම ක්‍රමය තමයි ඒ. ඒ නිසා මෙවැනි අහිංසක අම්මලා තාත්තලා දැක්කොත් අහක බලන්න එපා. ඔවුන්ට පොඩි හරි සහනයක් වෙන්න.
ලොකු ලොකු දේවල් කරන්න ඔබට බැරි වෙන්න පුළුවන්. හැබැයි කරන්න කිසිම දෙයක් නැති වෙන්න විදිහක් නෑ. එතනයි මනුස්සකම තියෙන්නේ. මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. මනුස්සයෙක් වෙන්න!
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...