දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොවිඩ්-19 වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා , මහජන චීන රජය විසින් පරිත්‍යාග කළ  කිලෝ ග්‍රෑම් 8609ක් බර වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන ගුවන්යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන එම ගුවන් යානය ඊයේ(10) සවස 6.55ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානය තුළ මුඛ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ ඇතුළු සිරුරු ආරක්ෂක උපකරණ මෙන්ම තවත් වෛද්‍ය උපකරණ ද තිබූ බව, මෙම ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යුස්ටස් සිල්වා මහතා  සඳහන් කළේය.

මෙම වෛද්‍ය උපකරණ සියල්ල ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය වෙත භාර දීමට කටයුතු කළ බවද කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More