කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආරථික වර්ධන වේගය ඉතා පහළ මට්ටමකට ඇද වැටෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවයි.
1930 වර්ෂයේදී මුහුණ දුන් ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව මුහුණ දෙන විශාලතම ආර්ථික අවපාතය මෙය බව IMF ප්‍රධානි Kristalina Georgieva සඳහන් කරයි.
එළැඹෙන 2021 වර්ෂයේදී ද ගෝලීය ආර්ථිකයේ අර්ධ වශයෙන් නැගී සිටීමක් ඇති වනු ඇති බව ඇය අනුමාන කර සිටියි.
ඇතිවී තිබෙන වසංගත තත්ත්වය හමුවේ ලොවපුරා පිහිටි සමාගම් සිය සේවා ස්ථාන මේ වන විට වසා දමා තිබේ.
ඉකුත් සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකළ සංගණනයක් අනුව හෙළිව ඇත්තේ ලොව පුරා ශ්‍රම බලකායෙන් සියයට 81ක් එනම් බිලියන 3.3 ක ගේ සේවා ස්ථාන මේ වන විට සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇති බවයි.
IMF ප්‍රධානියා සඳහන් කර සිටියේ දියුණු වෙමින් පවතින රටවල් මෙම ආර්ථික අවපාතයෙන් දැඩිව පිඩාවට පත්ව ඇති බවයි.
එම රටවල් සඳහා ඩොලර් බිලියන ගණනක විදේශ ආධාර ලබා දීමට සිදුවෙනූ ඇති බව ඇය පෙන්වා දුන්නාය.
මේ අතර වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවන ආර්ථික කඩා වැටීම හේතුවෙන් ලොව පුරා මිලියන 500 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට පත්වෙනු ඇති බව ඔක්ස්ෆෑම් සංවිධානය අනතුරු අඟවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...