යුරෝපය පුරා කොරෝනා වෛරසය සීඝ්‍රව ව්‍යාප්ත වෙමින් පැවතුනද ග්‍රීසිය කලාපීය රටවලට සාපේක්ෂව ඉතා සාර්ථකව එයට මුහුණ දෙමින් සිටී. ග්‍රීසියේ 1415 වෛරසය ආසාදනය වී ඇති අතර 51 මියගොස් ඇත.
මෙම අති විනාශකාරී තත්ත්වයෙන් බේරීමට ඔවුන්ට හැකිවූයේ තනි පුද්ගලයකුගේ නිවැරදි තීරණයක ප්‍රතිඵලයක් ලෙස වීම එහි විශේෂත්වය තවත් වැඩි කරයි. ඔහු නමින් වසංගත රෝග විශේෂඥ Dr. Sotirios Tsiodars ය. එසේත් නැතහොත් සැවොම හඳුන්වන පරිදි ග්‍රීසියේ ගැලවුම්කරුවා වේ.
ඔහු අවශ්‍ය මොහොතේදීම ක්‍රියාත්මකවී රජය හා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර අතර ඔහුගේ සරල හා විශ්වාසදායක විසඳුම් ජනතාව එකමුතු ව තබාගැනීමට හේතුවිය. එපමණක් නොව පාලකයන්ද විශේෂඥයන්ගේ උපදෙස් වලට අනුව කටයුතු කිරීම ගීසියේ සාර්ථකත්වයට හේතුවිය.
ඔවුන් තම රටේ පළවන රෝගියා සොයා ගැනීමටත් පෙර Dr. Tsiodars මූලිකත්වයෙන් රෝගය පාලනයට විශේෂ කමිටුවක් පත් කරන ලද අතර වෛද්‍ය මධ්‍යස්ථාන 13 පිහිටුවීමටද කටයුතු කර තිබුණි.
පෙබරවාරි 26 ග්‍රීසියේ පළමු රෝගියා වාර්තා වූ අතර, ඒ සමඟම විශේෂඥ කමිටුවේ ඉල්ලීමට අනුව සියලු පාසල් විශ්වවිද්‍යාල, පෙරපාසල් වසා දැමුණි. නිදහස් දින සැමරුම ඇතුළු සියළු උත්සව කටයුතු ද අවලංගු කිරීමට කටයුතු කරන ලදී. අත්‍යවශ්‍ය බඩු සහිත වෙළෙඳසල් හැර අන් සියලු වෙළඳසැල් වසා දමන ලදී.
එපමණකින් නොනැවතුණු ඔවුන් රටේ ජනතාවට විශේෂ සහන ලබාදීමට ද කටයුතු කරන ලදී. දෙමව්පියන්ගෙන් එක් අයෙකුට වැටුප් සහිත නිවාඩුත්, ජනතාව බදුවලින් නිදහස් කිරීමත්, අප්‍රේල් සිට රැකියා නොමැති අයට $800 ලබාදීමත් මින් මූලික වේ.
මෙවන් අසීරු තත්ත්වයකට මුහුණ දීම හුදෙක් වෛද්‍යවරුන්ට හෝ රජයකට පමණක් කළ නොහැකි දෙයකි. එයට රටේ සාමාන්‍ය ජනතාව ආත්මාර්ථය පසෙකලා පොදු අරමුණක් වෙනුවෙන් එකමුතුව, ස්වයං විනයකින් කටයුතු කිරීම සිදුකළයුතු වේ.
මූලාශ්‍ර – Reuters
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...