Uncategorized

සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ(10) දිනයේ සිට බලැපැත්වෙන පරිදි අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

ඒ අනුව කීරි සම්බා කිලෝග්‍රැම් 01ක උපරිම සිල්ලර මිල 125ක් වන අතර තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රුපියල් 90ක් වෙයි.

සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල මෙන්ම තම්බන ලද සුදු හා රතු නාඩු  කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල ද රුපියල් 90ක් වන බව අදාල ගැසට් නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම සුදු හා රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළීබඳ අධීකාරිය විසින් සහල් වර්ග සදහා නියම කර ඇති මෙම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ඒවා වෙළඳාම් කිරිම, වෙළඳාම් කිරිම සදහා ඉදිරිපත් කිරිම හා වෙළඳාම සදහා ප්‍රදර්ශනය කිරිම නොකළ යුතු බව ද ගැසට් නිවේදනයේ සදහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More